ඉංගිරිය ඕඅයිසී මාරු


ඉංගිරියේ දී පසුගිය 10 වැනි දා පොලිස් කැබ් රථයක් හා යතුරු පැදියක් හැපීමෙන් තරුණයකු මියගොස් තවත් තරුණයකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය වසන් කළැයි ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර අද සිට මාන්කුලම් වෙත මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඉදිරියේ දී විනය සංග්‍රහය යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා බව ද ඔහු රෝහණ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු දෙදෙනෙක් වැඩ තහනමට ලක්ව සිටිති.