ඇෆ්ගන් බොදු උරුමය සුරැකේ


ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් කිලෝමේටර් 40ක් අග්නිදිගින් පිහිටි "පුංචි තඹ ආකරය"  නමින් හැඳින්වෙන "මෙස් අයිනක්"  ප්‍රදේශයේ ඇති පෞරාණික බෞධ නගරයේ නෂ්ටාවශේෂ ආරක්ෂා කරගැනීමට අවස්ථාවක් ලැබී ඇතිබව ඇමෙරිකාවේ පලවන මැකාර්ති ප්‍රකාශනය සඳහන් කර ඇත. 

බුද්ධ ප්‍රතිමා ඇතුළු අනෙකුත් වැදගත් ප්‍රතිමා දහස් ගණනක් මෙන්ම ඉතා හොඳින් ආරක්ෂාවී ඇති අලංකාර බෞද්ධ බිතු සිතුවම්, ඇතුලු වෙහෙර විහාර, සංඝාවාස සහ ආදිකාලීන ජනාවාසයක නටබුන් වලින් පිරී ඇති එම ප්‍රදේශය අක්කර 100යකටත් වඩා විශාලය. 

ලෝකයේ දැනට සොයාගෙන ඇති දෙවෙනි විශාලතම තඹ නිධිය ඇත්තේ එම පුරාවස්තු පිහිටි භුමි භාගයේය.

වසර ගණනාවක සිට සිදුකර ඇති ගවේෂණ මගින් සොයාගත් තොරතුරු අනුව පෞරාණික බෞද්ධ ශිෂ්ටාචාරය පැවැති ජනාවාසයට යටවී ඇති වසර 5000කටත් එපිට ලෝකඩ යුගයට අයත් ජනාවාසයක අවශේෂ සොයාගැනීමට ලැබුණු බව පුරාවිද්‍යාඥයෝ පවසති.

අයිනක් නගරය චීනය සහ ඉන්දියාව සමඟ මධ්‍යධරනී කලාපයේ රටවල් යාකල පුරාණ සේද මාවතේ පිහිටි ප්‍රධාන මංසන්ධියක් වීම නිසාම එය ඒකාලයේ සමෘද්ධිමත් මෙන්ම වැදගත් ප්‍රධාන නගරයක්ව පැවතිබව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. මෙම නගර සංකීර්ණය පස්වන ශතවර්ෂයේ සිට අටවන ශතවර්ශය දක්වා ඉතාම ජනාකීර්ණ සමෘද්ධිමත් තත්වයක පැවතී බවට සාධක සොයාගෙන ඇත.

2007 දී ඇෆ්ගනිස්තාන රජය මෙම භුමි ප්‍රදේශයේ ඇති තඹ නිධිය චීන සමාගමකට 30 වසරකට බදුදී ඇත. ඇමෙරිකානු ඩොලර් ප්‍රකෝටි තුනකටත් වඩා වැඩිවූ එම ගනුදෙනුව ඇෆ්ගනිස්ථානය සමඟ විදෙස් රටක් ඇතිකරගත් ලොකුම ආයෝජනයයි.

තඹනිධිය හැරීම පිලිබඳ ආරංචිය ප්‍රසිද්ධ වීමත් සමඟම එහි ප්‍රතිපලයක්ලෙස සදහටම විනාශවීමට ගිය "මෙස් අන්යක්" පුරාවස්තු ආරක්ෂා කිරීමේ වැදගත්කමපිළිබඳ විශාල ප්‍රචාරයක් දියත් කෙරුණි. තඹ නිදියේ කැනීම් ආරම්භ කිරීමට පෙරයුහුසුලුවූ පුරාවිද්‍යාඥයින් 2010 මැයි මස සිට 2011 ජුනි මස දක්වා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ 400ක් පමණ  ගොඩගැනීමට සමත් වුහ. මේ සංඛ්‍යාව යුද ගැටළු ආරම්භවීමට පෙරාතුව කාබුල් කෞතුකාගාරයේ තිබූ මුළු කෞතුක භාණ්ඩ ප්‍රමාණයටත් වැඩි ගණනකි.

තඹආකාරය හැරීමේ වැඩකටයුතු විවිධ හේතුන් නිසා තවමත් ප්‍රමාද වෙමින් පවතී.මෙනිසා ලෝක බැංකුවෙන් සහ ඇමෙරිකානු රජයෙන් ලබාදී ඇති සුවිශාල මුල්‍ය ආධාරමත මෙස් අයිනක් පුරාවස්තුන් ආරක්ෂා සහිතව කැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්තාවක් නැවතත් ලැබී ඇත.

ඇෆ්ගනිස්තාන පුරාවිද්‍යා බලධාරීන්  මෙම පුරාවස්තු සියල්ලම ගොඩනැනීම සඳහා 2016 දක්වා කාලය ලබාදී ඇත.මේනිසා සදාකාලයටම නැතිවීමටගිය මෙම වටිනා වස්තුන් සියල්ලම බේරාගැනීමේ අවස්තාව ලැබී ඇතිබව මෙම වැඩසටන භාරව සිටින ප්‍රංශ පුරාවිද්‍යා විශේෂඥ පිලිපේමාර්කී පවසා ඇත. ඔහු කියන්නේ ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති ඉතාම වටිනාපුරාවස්තුන් අතරට තැබිය හැකි මෙම වටිනා කෞතුක භාණ්ඩ ගොඩගැනීම සඳහා අවශ්‍යකාලය දැන් ප්‍රශ්නයක් වී නැති බවයි. එහෙත්  වර්තමාන ඇෆ්ගනිස්තාන ආර්ථිකය සහදේශපාලන අස්ථාවර භාවය ගැන සලකා බැලීමේදී අනාගතයසඳහා මේවා ආරක්ෂා සහිතවරැකබලාගනීමේ ගැටළු ඇතිබව ඔහු කියයි.