(රාමචන්ද්‍ර ගුණසේකර)
ඇහැලියගොඩ පනාවල පාරේ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට දී සිදු වූ ත්‍රීරෝද කැබ් රථ අනතුරකින් කාන්තාවක් හා පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ ඇහැලියගොඩ තලගහ හන්දියේ පදිංචිව සිටි මොහොමඩ් සිත්ති නසීතා (50) සහ මොහොමඩ් ජෙමිල් (7) නමැති දරුවකු බව පොලිසිය සඳහන් කරයි. කැබ් රථය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

