වැටුප් නතර කළැයි කියන සිද්ධියකින් පසුව මිය ගිය බව කියන සුළු සේවකයකුගේ ප්‍රශ්නයක් මත කොළඹ ඇස් රෝහලේ කනිෂ්ඨ සේවකයෝ පාලනාධිකාරය ඉවත් කරන්නැයි කියමින් අද (13) පැය අටක් පමණ වැඩ වැරූහ.මේ නිසා දහස් ගණන් රෝගීහුද අසරණ වුහ.
කරුණු සොයා බලා ලබන විසි වැනිදා තීරණයක් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මහිපාල හේරත් මහතා පැවසීමත් සමඟ සේවකයෝ යළි වැඩ ඇරැඹුහ.










