සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත් කැරුණ ජාතික සෞඛ්‍ය සතිය නිමිත්තෙන් කොළඹ ජාතික අක්ෂි රෝහල සංවිධාන කළ ”ලෝක ග්ලූකෝමා පා ගමන” 2014 කොළඹදී අද උදෑසන පැවැත්විණ.
සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ පා ගමන පැවැත්විණි.
ඇස් පරීක්ෂා කිරීමේ නව සායන කාමරයක්ද විවෘත කැරිණි. රෝගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප‍්‍රයෝජනය සඳහා අලූතින් ඉදිකිරීමට නියමිත ආපන ශාලාවට ද මුල්ගල් තැබීය.
විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මියගේ සී ඩී එම් පෞද්ගලික ආයතනයේ පරිත්‍යාගයක් ලෙස අක්ෂි රෝගීන්ගේ ප‍්‍රයෝජනය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පීඩනය මැනීමේ උපකරණයක් පරිත්‍යාග කෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ‍්‍රඩ් කුමාරසිරි, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වන චරිත් ෆොන්සේකා, ඒ. එල්. ධර්මරත්න, මානෙල් පැස්කුවල්, මංගලා ගමගේ, කපිල බන්දුතිලක, මංගල ධනපාල යන මහත්ම මහත්මීහුද ජාතික අක්ෂි රෝහලේ ඵලදායිතා ප‍්‍රවර්ධන හෙද නිලධාරිනී නදී රාජකරුණා මෙනවිය ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට දායක වූහ.

