ඇස් පිය හෙළන්න කලින් මහා හෝටලේ බිම


ඇමරිකාවේ නිව්  ඕර්ලියන්ස් නගරයේ තට්ටු 17කින් සමන්විත පැරැණි ග‍්‍රෑන්ඞ් පැලස් හෝටලය පුපුරණ ද්‍රව්‍ය ටොන් හාරසියයක් යොදා ගනිමින් තත්පර දහයකින් බිමට පෙරළා දැමිනි. කාමර 1036කින් සමන්විත ග‍්‍රෑන්ඞ් පැලස් හෝටලය 1950 දී ඉදිකළ අතර එවකට ඇමරිකාවේ පැවති ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයෙන් එකක් විය. ඉදිකිරීම සඳහා ඩොලර් කෝටියක් වැය විය. අද එහි වටිනාකම රුපියල් කෝටි 136කි.