ඇස් ඇත්තෝ ඇස් වසා ගනිති


දෘෂ්‍යාභාධිත ප්‍රජාවගේ ගැටලු සාකච්ඡා කිරීම සදහා දෘෂ්‍යාභාධිත ජනතා සම්මේලනය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වූ සාකච්ඡාවට අදාල ආරධිත රාජ්‍ය නිලධාරින් කිසිවෙක් සහභාගී නොවූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ නොවිධිමත් අධ්‍යාපන අංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරින්ට නිල වශයෙන් ආරධනා කර  තිබුණු අතර එහි කිසිම නියෝජිතයෙක් ඒ අවස්ථාවට සහභාගී නොවූහ.

පාසල් පාසල් පෙළපොත් නිසි ලෙස නොලැබීම, බ්බ්‍රේල් පෙළ පොත් මුද්‍රණයේ දී සීමාවන් දැමීම, දමිළ බ්‍රේල් පොත් නොමැති වීම, ප්‍රවාහණයේ දී දෘෂ්‍යාභාධිත පුද්ගයන් පිළිබදඳ රියදුරන් නීති රිතී නොදැනීම, ස්වයං රුකියා, හිංසන ක්‍රියාවන්, වෘත්තීය පුහුණු අවස්ථා වැනි කරැණු ගණනාවක් අවධාරණය කළ අතර මේ කිසිවකට පිළිතුරැ ලබා ගැනීමට ඔවුනට නොහැකි විය.  ස්වයං රුකියා ණය ආධාර ලබාදීමේදී ප්‍රාදේශීය ලේකම් සහ සමාජ සේවා නිලධාරි නිර්දේශයට අමතරව ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ ද අනුමැති ගැනීමට යන බව එහි භාණ්ඩාගාරික නිශාන්ත මෙන්ඩිස් මහතා කීය. මේ තත්වය තුළින් තම පිරිස් තවත් ආභාධිත තත්ත්වට වැටෙන බව ඔහු කීය. අවශ්‍ය පහසුකම් තිබියදීත් පෙළපොත් ලබානොදීම දෘෂ්‍යාබාධිත ප්‍රජාව සමාජයෙන් වෙන් කිරීමක් බව එහි ලේකම් මැණික් ගුණරත්න මෙනවිය පැවසීය.