ඇස් ආබාධිතයාට ‘පෙනීම‘ දෙන්න ගිහින් පොලීසියේ


රියදුරු බලපත්‍රයක් ඉල්ලුම් කළ ඇස් ආබාධිතයෙක් හා ඔහුගේ සගයා පේරාදෙණිය ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේදී පේරාදෙණිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඇස් ආබාධිත පුද්ගලයා ඔහුගේ සගයා එහි රැගෙන ආවේ ඔහු වෙනුවට ඇස් පරීක්ෂාවට ලක්කිරීම සදහාය. වෛද්‍යවරයා එම වංචනික ක්‍රියාව දැනගත් වහාම පොලීසිය කැදවීය.