ඇලිස් වෙල්ස් ශ්‍රී ලංකාවටත් එයි


ශ්‍රී ලංකාවෙි නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියක වන ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජි.වෙල්ස් මහත්මිය ලබන සඳුඳා (13)  දිවයිනට පැමිණෙන බව ටි‍්‍රබියුන් ඉන්දියා පුවත් වෙබ් අඩවිය අද  (10) වාර්තා කළේය.

ඒ අනුව සිය නිල සංචාරය ආරම්භ කරමින් ඇය ලබන 13 සහ 14 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

ඇලිස් ජි වෙල්ස් මහත්මිය  ලංකාවට අමතරව ඉන්දීයාවේ සහ පාකිස්ථානයේ ද සංචාරය කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 
සිය ශ්‍රී ලංකා සංචාරයේදී ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරිය  රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් මෙන්ම දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව සමග ද සාකච්ඡා පැවැත්විමට සැලසුම් කර ඇති බව එහි සඳහන්ය.
 
ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇය ලබන 15 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉන්දීයාවේ සංචාරයක නිරත වන අතර  19 වෑනදා පාකිස්ථානය බලා පිටත්ව යනු ඇත.
 
(125)