ඇල්ලුවේ පිරිමි, ගැහැණුන් නොවේ


ඉතාලියේ පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් රිප්රෙඩ් නගරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය චීන සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ ඉතාලි පොලිසිය එහි හිමිකාර චීන ජාතික කාන්තාව (36) අත්අඩංගුවට ගත්තේය. මෙයට පෙර ද පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් පිරෙන්සුවොලක් නගරයේ නිවසක් වැටලු ඉතාලි  පොලිසිය දකුණු අප්‍රිකා කාන්තාවන්  තිදෙනකු අත්අඩංගුවට ගෙන එම නිවස සතියකට යුරෝ 300ක රුපියල් 48000කට ඔවුන්ට කුලියට දුන් නිවස හිමිකාර ශ්‍රී ලාංකිකයෝ පිරිමි තිදෙනා ද අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් ශ්‍රී ලාංකික ගහැණුන් යැයි කලින් පුවතේ සඳහන් වූයේ  ප්‍රමාද දෝෂයකිනි. ඒ ගැන අපි බලවත් කනගාටුව පළ කරන්නෙමු. මේ වරද පෙන්වා දුන් ඉතාලි පාඨකයනට ද අපේ ස්තුතිය හිමිවෙයි.