ඇල්පිටියේ දොස්තරටත් සැමියාටත් මරණ තර්ජන


ඇල්පිටිය රෝහලේ දොස්තර දමයන්ති ගරුසිංහ මහත්මිය හා ඇගේ සැමියා වන  ලංකාදීප මාධ්‍යවේදී සුමංගල පුෂ්පකුමාර මහතා පදිංචි නිවසට පැන මරණීය තර්ජනය එල්ල කැර නිරුවත පෙන්වා පහරදුන් බව කියන කළුගල මුහන්දිරම්ගේ දයානන්ද ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. වෛද්‍යවරිය හා ඇගේ සැමියා රෝහල් ගත කරනු ලැබ සිටිති.