ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදහන්


(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය මූලික රෝහලට ඇන්ටජර්න් පරීක්ෂණයක් සදහා රැගෙන ආ  මළසිරුරක් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු අතුරුදහන්වී ඇතැයි  ඌරගස්මංහදිය පොලීසිය පවසයි.

මේ අුරුදහනව ඇත්තේ කේ.වී.ප්‍රේමතිලක (77) නැමැති අයකුගේ සිරුරකි.  

නිවෙසේදී මියගිය මෙම පියාගේ සිරුර හදිසි මරණ පරීක්ෂකවරයාගේ උපදෙස් මත පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා මළසිරුර ඇල්පිටිය මූලික රෝහල වෙත එවා ඇත.

ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා රෝගය වැළදී නැති බව තහවුරුවීමෙන් පසු මරණ පරීක්ෂණය පවත්වා මළසිරුර ඥාතීට භාරදී ඇත.

ඒ අනුව එම ඥාතීන් මළසිරුර රැගෙන යන ලෙස මල්ශාලාවට පවරා ඔවුන් පිටත්ව ගොස් ඇත. එහෙත් පසුව ඥාතීන් මල්ශාලාවට ගොස් බලන විට එහි එම මළසිරුර නැත. ඔවුන් වෙත රෝහලින් භාරදුන් මළ සිරුරු දෙකක් තිබි ඇතත් ප්‍රේමතිලක යන අයගේ මළසිරුර එහි තිබී නැත.

ඇල්පිටිය මූලික රෝහලේ මෘතශරීරාගාරයේද එම මළසිරුර නැති බව වැඩබලන රෝහල් අධ්‍යක්ෂක වරයා පවසයි.