ඇඹිලිපිටි කඩදාසි කම්හල කූරියා ගහයි


ඉවත දමන කඩදාසි පිරිපහදු යන්ත්‍රාගාරයක් පිහිටුවීමට වසර 36ක් පැරණි ඇඹිලිපිටි කඩදාසි කම්හල  ඕස්ට්‍රේලියාවේ සමාගමකට පැවරීමෙන් පසු එහි අවසානය සිදුවිය. කඩදාසි කැබැල්ලක්වත් නිෂ්පාදනය නොකර විදෙස් පාලකයන් කම්හල පෞද්ගලික බැංකුවකට උකස් කැර ඇතැයි ද, දැන් එහි යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි හා ගහකොළ වනසා ඇතැයි ද කියති. කම්හලෙන් ඉවත් කළ බව කියන පරණ යකඩ ගෑස් සිලින්ඩර් සෙවිලි තහඩු ආදිය මොරකැටියේදී ඇඹිලිපිටි පොලීසිය විසින් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු පොලීසියට කියා ඇත්තේ වෙන්දේසියකින් එම බඩු ගත් බවයි. මෙම කම්හලේ චංචල නිශ්චල දේපොළද,  අක්කර හත්සියයක් වන බිමද බැංකුවට උකස් කර ඇති බව කියති.