ඇමෙරිකාවේ රාජතාන්ත්‍රික නිලධාරියකු ඇතුළු 20 ක් අද කටුනායකට ඇවිත්


(ටී.කේ.ජී.කපිල )

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු  පිරිසක් අද (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර අද (14) දින පස්වරුවේ  සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි .

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C - 17 A Globemaster - ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිතා කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පිටත්ව පැමිණ තිබේ .