
(ඩයනා උදයංගනී)
ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (1) භාර දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා විසින් ඇමරිකාවේ සිටින ඔහුගේ මිත්‍රයන්ගෙන් කළ ඉල්ලිමකට අනුව ඔවුන් විසින් පෞද්ගලිකව එකතු කරන ලද මූල්‍ය ප්‍රතිපාදන මත මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කර තිබේ.
කොවිඩ් - 19 පාලනය සදහා මේ වන විට රජය හා සෞඛ්‍ය අංශ ගෙනයනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම උපකරණ පිරිනමා ඇත.
කේ.එන් 95 වර්ගයේ මුව ආවරණ, පුද්ගල ආරක්ෂක ඇදුම්, සී.පී.ඒ.පී යන්ත්‍ර, හුමාලක යන්ත්‍ර, අත්සේදුම් දියර, මුහුණු ආවරණ, ශල්‍ය අත්ආවරණ ඇතුළු කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වන අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රාශියක් මෙම වෛද්‍ය උපකරණ අතරවිය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත . නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.ශ්‍රීධරන් මහතා විසින් සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත මෙම උපකරණ වෛද්‍ය සැපයීම් අංශයේ දී නිල වශයෙන් බාර දෙනු ලැබිණි.
මෙම වෛද්‍ය උපකරණ කඩිනමින් දිවයින පුරා පිහිටි රෝහල්, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ක්ෂේත්‍ර නිලධාරින් මෙන්ම සෞඛ්‍ය අංශයේ නොවන ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු වල නිරතවන නිලධාරීන් වෙත ද අවශ්‍යතාවයන් අනුව ලබාදීමට කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


