ඇමෙරිකා වන අරණක අලූත් පන්සලක්
ඇමෙරිකාවේ බොස්ටන් නුවර ථෙරවාදී විහාරයක් විවෘත විය. එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන විශේෂ ආරාධිතයා විය. නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නා හිමි ඇතුළු ථෙරවාදි සම්ප‍්‍රදායේ භික්ෂුහු තිස් නමක් එම උත්සවයට වැඩම කළහ. අක්කර හතක වන අරණක මේ පන්සල පිහිටියේය. ආචාර්ය කොහොන හා හාර්වඞ් සරසවියේ මහාචාර්ය ක්වීන් එහිදී ප‍්‍රකාශ කළේ ඇමෙරිකා ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් හා අනගාරික ධර්මපාල තුමන් ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමීන් වූ බවයි.

