ඇමැතිවරු මන්ත්‍රීවරුනට පරදිති


ඇමැතිවරුන්ගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  කණ්ඩායම  අතර ‘කථානායක කුසලානය‘  සදහා  දෙවැනි වරටත්  පැවැති වාර්ෂික  ක්‍රිකට්  තරගය අද (15) විස්සයි විස්ස  තරගයක් ලෙස ටොරින්ටන් පෙදෙස් ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදී ඇමැතිවරුන්ගේ කණ්ඩායම පරදවා කඩුලු 4 ක පහසු ජයක් අත්කැර ගැනීමට  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සමත් විය.

මෙහිදී ඇමැතිවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ  මහතාට හිමි වී තිබු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  කණ්ඩායමේ නායකත්වය  හිමි වී තිබුණේ රවී කරුණානායක මහතාටයි.

තරගයේ  හොදම පන්දු යවන්නා  ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  හොදම පන්දු රකින්නා  මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ,දක්ෂතම පිතිකරු  නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක ද තරඟයේ  වීරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද සම්මාන ලැබීය .