(සුජිත් හේවාජුලිගේ )
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන තම අගෝස්තු මස වැටුප මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කළ බව ජයකොඩි මහතා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරී වීරසේකර මහත්මිය වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

