ඇමැති රැකවල්ලු නීතිය අතට ගනිති


ඇමැති ආරක්ෂක අංශයේ බව කියන තිදෙනකු ද  ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන්නකු ද නිල වාහනයකින් ගොස් මාතලේ වන අඩවි නිලධාරී සුමිත්ත ගුණතිලක මහතාට තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු එහි සේවකයෝ ආරක්ෂාව පතා සහකාර පොලිස් අධිකාරී කාර්යාලයයට ගොස් සිටිති. දඹුල්ලේ රජයේ ඉඩමක ඉදිකිරීමකට අවසර නොදුන් නිසා මෙසේ තර්ජනය කළ බව ඔවුහු පොලිසියට පැමිණිලි කළහ.