(බිඟුන් මේනක ගමගේ)
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කිරීමට සහාය දැක් වූ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා හෘද සාක්ෂියක් තිබේ නම් ඉල්ලා අස් විය යුතු යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
තමා විසින්ම මැදිහත් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතක් පරාජය කිරීමට විෂය භාර ඇමැතිවරයකු සහාය දීමක් පාර්ලිමේන්තු ඉතිහාසයේ මින් පෙර නොදුටුවේ යැයි ද එමගින් සිදුවුණේ මැතිවරණ කල්දැමීමට සමස්ත පාර්ලිමේන්තුව උපයෝගී කරගැනීමකැයි ද එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
පනත ඉදිරිපත් කළ විෂය බාර ඇමැතිවරයා හැටියට තම ආත්ම ගරුත්වය ගැන සිතා ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලැකී සිටියේ නම් එය වඩා සුදුසු යැයි ද ගජනායක මහතා කීය.
පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගන්නැයි පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියදී සීමා නිර්ණය කමිටු වාර්තාව පරාජය කිරීම සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ගජනායක මහතා මෙසේ කීය.
සීමා නිර්ණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී කිසිදු හරවත් සංවාදයක් සිදු නොවුණේ යැයි චෝදනා කළ හෙතෙම ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ පාර්ශ්ව ඊට හේතුවත් හරි හැටි නොදැක් වී යැයි ද කීය.
එම විවාදය හා ඡන්ද ප්‍රකාශ කිරීම සමාන කළ හැක්කේ තිර පිටපතක් නොමැතිව රඟ දැක් වූ නාට්‍යයකටැයි ද මහජන අභිලාශ ගැන දේශපාලන පක්ෂවලට හැඟීමක් නොවීම කනගාටුවට කරුණකැයි ද ඒ මහතා අවධාරණය කර කීය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ නිකුත් කිරීම සඳහා කතානායකවරයා අගමැතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීම මීළඟ පියවර වුව ද එය පවා අවංක චේතනාවෙන් ක්‍රියාත්මක වේදැයි සැකසහිත යැයි ගජනායක මහතා පැවසීය.
යෝජිත පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගන්නැයි පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව සියලුම දේශපාලන පක්ෂවලටත් මැතිවරණ කොමිසමටත් පසුගියදා යෝජනා කළේය.

සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව මෙම ඉල්ලීම කළේ පළාත් සභා සම්බන්ධයෙන් යෝජිත නව මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරමිනි.