යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේනට කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ රිය ගාලේ පහරදීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන වාර්තා ඇතුළත් ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව කෝම්පඤ්ඤවීදිය පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිට යොමු කළ ලිපිගොනු අංකය ඊළඟ නඩුදිනයේ අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජෙරත්න මහතා නඩුව මාර්තු 11 දිනට කල් තැබීය.
සැකකාර මාලක සිල්වා, රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනා අද අධිකරණයේ පෙනී සිටියහ.
පසුගිය සැප්තැම්බර් 9 වැනි දා මේ පහර දීම සිදුවිය.
මේජර් චන්දන ප්‍රදීප් සූරසේනගේ පැමිණිල්ල අනුව ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පහරකෑමට ලක්වූ මේජර්වරයා පසුව දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ මාලක සිල්වා සහ රොහාන් විජේරත්න තමාට පහර නුදුන් බවයි.

