ඇමැති නම විකුණූ ලේකම් අල්ලයි
ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන සුගත් රත්නවර්ධන නම් පුද්ගලයා රැකියා දෙන බව කියමින් 2011 සිට සෑහෙන පිරිසකගෙන් මුදල් වංචා කර ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි. ඇමැති තිස්ස විතාරණ මහතා 2011 දී ඔහු ගැන පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුව ඇහැලියගොඩ දී අත්අඩංගුවට ගන්නා විට ඔහු බොරු අංක තහඩුවක් යෙදූ කාරයකින් ගමන් කැර ඇත. ලංකා සමසමාජ පක්ෂයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් වරායේ, ටෙලිකොම්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කැර ඇතැයි පොලිසිය, මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය. කුරුවිට බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින ඔහු ලබන 12 වැනි දා ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කෙළේය.

