ඇමැති ජනක බණ්ඩාර පන්සල් ඉඩම් අල්ලාගෙන
ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල මාතලේ පාරේ යාපාගම තම නිවස හා කාර්යාලය පවත්වාගෙන යන අක්කර හතරක පමණ ඉඩම රන්ගිරි දඹුලූ විහාරය සතු ඉඩමක් බවත් එම ඉඩමට හොර ඔප්පුවක් ලියාගෙන ඇති බවත් ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලූ විහාර පාර්ශ්වයේ මහනාහිමියෝ රහස් පොලිසියට පැමිණිලි කරති.
මහනාහිමියන්ගේ පැමිණිලේලේ මෙසේ ද දැක්වේ.
”අදාළ ඉඩම වර්ෂ 1872 ක් වූ ජූලි මස 09 වෙනි දින ලංකාණ්ඩුවේ සර්වේ ජනරාල්වරයා විසින් මැන සහතික කළ අංක 87076 දරන හිමිකම් පිඹුරට ඇතුළත් රංගිරි දඹුලූ රජ මහා විහාරය සතු පරවේණි පංගු දේපලකි.
එකී ඉඩම 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතට යටත් දේපලකි.”
”බෞද්ධ විහාර දේවාලගම් පනතේ 27 වෙනි වගන්තියේ (1) උප වගන්තියෙන් සිද්ධස්ථානයක් සන්තක පරවේණි පංගුවට අයත් දේපලක් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය දක්වා තිබේ.”
”27 (1) සිද්ධස්ථානයකින් ලබාගෙන බුක්තිවිඳින පරවේණි පංගුවක අයිතිවාසිකමක් නිලකාරයා විසින් අන් කෙනෙකුට යම්කිසි විටෙක දෙනු ලැබේ නම්, එසේ දී මාසයක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ඒ බව දන්වා පිටපත් දෙකකින් යුත් දැන්වීමක් ලියා යැවීම අයිතිවාසිකම් ලබාගත් අයගේ යුතුකම වේ.”
”අදාළ එකී පරවේණි පංගු ඉඩම මිල දී ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා පනතේ දක්වා ඇති ඉහත යුතුකම ඉටුකර නැත.”
”එසේම ඔහු විසින් සින්නක්කර ඔප්පුක් ද අදාළ ඉඩමට සකස්කර ගෙන ඇති බව මා වෙත දැනගන්නට ඇත. එවැනි ඔප්පුවක් ලියා ඇත්නම් එය හොර ඔප්පුවකි.”
”කරුණු මෙසේ හෙයින් එකී විහාර දේවාලගම් පනතේ 27 (3) යටතේ අදාළ අමාත්‍යවරයා විසින් කර ඇත්තේ නීති විරෝධී ක‍්‍රියාවක් බව ප‍්‍රකාශ කරමි. ඉහත කී අමාත්‍යවරයා තම දේශපාලන බලය හා මන්ත‍්‍රී වරප‍්‍රසාද භාවිත කරමින් කර ඇති මෙම නීති විරෝධී ක‍්‍රියාව පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමි.”
”මෙම පැමිණිල්ල මා විසින් කරනු ලබන්නේ 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 11 (2) යටතේ රංගිරි දඹුලූ රජ මහා විහාරයට විධිමත් ලෙස පත්ව සිටින භාරකාර නායක ස්වාමීන් වහන්සේ වශයෙන් බවත්, එකී විහාරස්ථානයේ නිශ්චල-චංචල දේපල ආරක්‍ෂා කිරීම අදාළ භාරකාර තනතුරේ වගකීමක් ලෙස සලකා බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කරමි.”
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසුවේ තමාට එරෙහි සියලූ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බවය.
හාමුදුරුවන් එදා ඉඳලම වෛරයෙන් කටයුතු කරනවා. මම ‘නහී වේරාන වේරාණි’ කියා උපේක්‍ෂාවෙන් සිටිනවා. එවැනි ඉඩමක් ගැන රහස් පොලිසියට පැමිණිලි කර තිබේ නම් ඒ ගැන විමර්ශනය කරන්නැයි පොලිසියට ගෞරවයෙන් ආරාධනා කරනවා. මම ඇමැතිවරයෙක්. මම එවැනි දෙයක් කරනවාද? එහෙම දෙයක් කළොත් මම දේශපාලනයේ ඉන්නේ කොහොමද?

