ඇම්බැක්කේදී බුදුරුවට නිගා කරති
මහනුවර ඇම්බැක්කේ රජමහා විහාරයේ බුද්ධ රූපයට නිගා දෙන ආකාරයේ පින්තූරද බුදු හාමුදුරුවන්ගේ හස්ත මුද්‍රාව අනුකරණය කරන පින්තූරයක්ද ඩිජිටල් කැමරාවකින් ගත් ප‍්‍රංශ කතුන් දෙදෙනකුට හා ප‍්‍රංශ ජාතිකයකුට ගාල්ලේදී අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කෙරිණි.
මහනුවර සංචාරයෙන් පසුව ගාල්ලට ආ ඔවුන් එහිදී ඡායාරුප මුද්‍රණය කර ගැනීමට ඡායාරූප ශාලාවට ගොස් ඇත. බුද්ධාගමට අපහාස වන ආකාරයේ එම ඡායාරූපය ගාලූ පොලිසිය අතට පත්වීමෙන් පසුව ඔවුහු ගාලූ මහේස්ත‍්‍රාත් යූ.එස්. කලංසූරිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
එක් අයකුට මාස හයක බරපතල සිරදඬුවමක් බැගින්ද රුපියල් 1500 බැගින් දඩද නියම කෙරිණි. සිර දඬුවම වසර පහකට අත්හිටැවිණි.

