ඇමරිකාව පෙරමුණට එයි
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනය වන ඊයේ (09) තරග අවසන් වන විට ඇමරිකාව රන් පදක්කම් 39 ක් දින ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. ආරම්භයේ සිට පෙරමුණේ පසු වූ චීනය රන් පදක්කම් 37 ක් දිනා ගැනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
සත්කාරක එංගලන්තය රන් පදක්කම් 25 ක් දිනා තෙවැනි ස්ථානයේ පසු වෙයි.

