ඇමරිකානු යුද නැවක් පශ්චාත් සහන සැලසීමට එයි


ඇමරිකා  නාවික හමුදාවට අයත් ලේක් ඊරි යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය. 
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගනු ලැබූ අතර දින 14 ක නිල සංචාරයක් සහා පැමිණි එම නෞකාව දිවයිනේ රැී සිටින කාල සීමාවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. 
ඒ අනුව පුහුණු වැඩසටහන් සහ හදිසි ආපදා තත්වයකදී කියාත්මක වන ආකාරය පිළිබඳ වැඩසටහන් කිහිපයකටද සහභාගී වනු ඇත. ලේක් ඊරි නෞකාව ජුනි මස 25 වන දින දිවයිනෙන් පිටවීමට නියමිතය.