ඇමති සොයුරාට ඇප
මනම්පිටිය වනජීවී කාර්යාලයට පහර දී අලා හානි සිදු කර ලිපි ලේඛණ අඩංගු අල්මාරියක් ගිණිතබා වැණසීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු හා තවත් සැකකරුවෙක් පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ.
ඔහු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයෙකි.
ගල්ලෑල්ල නෙළුම්විල බී එම් එම් ප්‍රියන්ත බස්නායක ඇප ලැබූ අනික් තැනැත්තාය.
රුපියල් 15000 බැගින් මුදලින්ද, රුපියල් ලක්ෂ පහ බැගින් පෞද්ගලික ඇප දෙකක්ද එක් අයෙකුට නියම කළ මහේස්ත්‍රාත් හැම මසකම ඉරිදා පොළොන්නරුව පොලීසියට වාර්තා කරන ලෙසත්, සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් දැන්වීය.

