ඇමති රිෂාඞ්ට ඇප
මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට අපහාස කළැයි කියන ඇමති රිෂාඞ් බදුර්දීන් මහතා රුපියල් දසදහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මන්නාරම දිසා විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය. ඔහු වෙනුවෙන් නීතීඥවරු විසි දෙදෙනෙක් පෙනී සිටියහ. ඔක්තෝම්බර් හතර වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරිණි.

