ඇමති අතාවුද අධිකරණයට බාර වෙයි


වරකාපොල පෞද්ගලික ඉඩමකට ඇතුළුවී අලාබහානි කළැයි පොලීසියට අවශ්‍යවී සිටි ජ්‍යෙෂ්ඨ ඇමති අතාවුද සෙවිරත්න මහතා අද වරකාපොල අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හරින ලෙස වරකාපොල මහේස්ත්‍රාත් අවංත ලක්මාල් වික්‍රමසූරිය මහතා කියෝග කළේය. සෑම ඉරිදා දිනකම උසාවියේ පෙනී සිටින ලෙසද අධිකරණය ඇමැතිවරයාට නියෝග කළේය. පානීය ජලය බෝතල් කරන සමාගමකට ගැමියන් සමග ඇතුලු වී එහි යන්ත්‍රේපකරණවලට හානි කළැයි ඇමතිට එරෙහි පැමිණිල්ලේ දැක්වේ.