2009 බම්බලපිටිය මුහුදු වෙරළේ දී මන්ද මානසික පුද්ගලයකු ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පතිරාජගේ රාජා ඇප කරුවන් නොමැතිව තවමත් රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී මේ බව හෙළි විය.
රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස මහාධිකරණය නියම කළත් තමාට ඇප දීමට කෙනකු නැතැයි ඔහු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.
බලවර්ණන් ශිවකුමාර් නම් එම පුද්ගලයාගේ මරණයට තමා කිසි ආකාරයකින් සම්බන්ධ නැතැයි ද, තමා වැල්ලට ගියේ ඔහු බේරා ගන්නට යැයි ද, එසේ කළා පොලිසිය තමාට බල කළ නිසා යැයි ද රාජා උසාවියට කියා සිටියේය.

