ඇඳුමට හබ වී පුතා මවට ගහයි
කලිසමක් හා බ්ලව්සයක් ඇඳ ඉතාලියේ මිලානෝ නුවර රැකියාවට යන්නට සැරැසුණු ශ්‍රී ලාංකික මවකට (40) පුතා බැන වැදී පහරදුන් බව ඉතාලි පුවත්පත් කියයි. එම ඇඳුම නොසුදුසු බව පුතාගේ මතය විය. මවගේ කෑ ගැසීම ඇසී අසල්වැසියන් ආවත් දොර වසා තුබූ නිසා පොලිසිය කැඳැවිණි. කාන්තාවගේ සැමියා ඒ අවස්ථාවේ ගෙදර නොසිටියේය. මව දවසක් රෝහල් ගත කළාය. මේ පුතා මවට පහර දීමට අත ඉස්සූ මුල්වතාව මෙය නොවන බව කියති. මවට හිරිහැර කළැයි ඉතාලි පොලිසිය ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි.

