(ඩයනා උදයංගනී)
කර්මාන්ත අමාත්‍යාංශයේ සේවා කටයුතු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දින 10ක කාලයේදීත් අඛණ්ඩව පවත්වාගෙනයාමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සේවාලාභීන්ට මාර්ගගත ක්‍රමවේද යටතේ බාධාවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙළක් අමාත්‍යාංශය මගින් සකසා ඇත.
එම සේවා ලබා ගැනීම සඳහා පහත දුරකතන අංක ඇමතීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව කර්මාන්ත ලියාපදිංචිය සඳහා අවශ්‍යතා ඇති අයට අතිරේක ලේකම් (ආංශික සංවර්ධන) - 0717227775 / 0714500145, කර්මාන්ත සහකාර රෙජිස්ට්‍රාර් - 0774298727 යන දුරකතන අංක ඔස්සේත්, කර්මාන්තපුරවල පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය නිර්දේශ, අනුමැතිය හා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම සඳහා අතිරේක ලේකම් - 0773550134, අධ්‍යක්ෂ(කර්මාන්තසංවර්ධන) - 0713976406, නියෝජ්‍ය අධ්‍යක්ෂ - 0777988030, සහකාර අධ්‍යක්ෂ - 0769905588 දුරකතන අංකයන්ගෙනුත්, ආංශික සංවර්ධන අංශයේ සේවාලාභීන්ට වීසා සඳහා, තාවකාලිකව අපනයනය සහ ආනයනය සඳහා, අවසර ලබාදී ඇති අබලි ලෝහ ආනයනය සඳහා හා අවශ්‍ය අවස්ථාවලදී ඇඳිරිනීති බලපත්‍ර සඳහා නිර්දේශ ලබා ගැනීමට අතිරේක ලේකම් (ආංශික සංවර්ධන) - 0717227775, අධ්‍යක්ෂවරු 0718070842, 0702322331, 0702939230, වාහන එකලස් කිරීමේදී ඊට අවශ්‍ය කරන හදිසි නිර්දේශ සඳහා අතිරේක ලේකම් 0772533366, අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සංවර්ධන) 0777423576 යන දුරකතන අංකවලිනුත්, අමාත්‍යාංශය මගින් යම් ගෙවීමක් සිදුකර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ප්‍රධාන මූල්‍ය නිලධාරි 0777304183 යන දුරකතන අංකයෙනුත් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරගත හැක.

