කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෂින් මත් කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ශ්‍රී ලාංකිකයා රැඳවුම් නියෝග යටතේ අද (9) වනතුරු රඳවාගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඉන්දියාවේ සිට සඟරා අස්සේ මත්කුඩු එවා ඇත්තේ ජනප‍්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලකට පෙර පදිංචිවී සිටි ලිපිනයටය. අතියට පත් පාර්ශවය වෙනුවෙන් ඇන්ජලා ද අද උසාවියට ආවාය. මේ සිද්ධිය නිසා තමා අපකීර්තියට පත්වී රැකියාවද අහිමිවූ බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට දැන්වීය. ඇය නඩුවේ සැකකාරියක නොවන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. ඇය සේවය කළේ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේය.
අත් අඩංගුවට පත්ව සිටින විදේශ ජාතිකයන් දෙදෙනා ඇප අයදුම් පතක් ඉදිරිපත් කළහොත් තමන් එයට විරුද්ධ විම සඳහා මෙසේ පැමිණි බවත් මෙම සිද්ධියට තමන් කිසි ලෙසකත් සම්බන්ධ නොවු බවත් ඇය මාධ්‍ය සමග පැවසීය.
