ඇතෙක් බසයකට පහරදෙයි.
දඹුල්ල සිට වවුනියාව දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකට කැකිරාව ඔළුකරඳ දී ඇතකු අද (07) පහරදීම නිසා ජනේල වීදුරු හතරක් කැඞී ගිය බව බසයේ සිටි අය කියති.
පහරදෙද්දී දළ දෙක වීදුරු අතර සිරවී තිබී ආපසු ඇද ගත් ඇතා කැලෑව දෙසට ගිය බවත් කියති. ඇතා පහරදෙද්දී මගීහු කෑ ගසන්නට වූහ.
ඇතා කැලෑවට ගිය පසු බස් රියැදුරා බස් රථය නැවත වවුනියාව බලා ධාවනය කර ඇත.
මගීන් කිසිවකුට හෝ අනතුරක් වී නැති අතර මෙම සිද්ධිය දුටු බොහෝ අය පැවැසුවේ ජලය සොයා ගිය ඇතකු පාර මාරුවීමට යන අවස්ථාවේ මෙම බස් රථයට පහරදීම අහඹු සිදුවීමක් බවයි.

