ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් පෙර හොරකම් කරලා


කොළඹ වොක්සෝල් වීදියේ වෙළෙඳසලකට පැන රුපියල් එක් ලක්ෂ විසි දහසක්, සිගරට් බණ්ඩල් දෙකක් සහ දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් සොරා ගත්තැයි සැකපිට අවුරුදු 15ක සහ 17ක ළමයින් දෙදෙනකු ජුනි දෙවැනි දා තෙක් පරිවාස භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

අත්අඩංගුවට ගන්නා විටත් ළමයින් දෙදෙනා සිගරට් පැකට් දෙකක් සම්පූර්ණයෙන්ම බී තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.