කතරගම පාසලක සිසුහු පහළොස්දෙනෙක් ඇට වර්ගයක් කෑමෙන් රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළු කරනු ලැබුහ.
ඇට වර්ගය කෑමෙන් පසු සිසුනට වමනය යන්නට වු බවත් එක් සිසුවකු සිය නිවසින් මෙම ඇට ගෙනෙන්ට ඇති බවත් පාසල් ආරංචි කියයි.
හතර සහ පහ පන්තිවල එම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල කියයි.