ඇරැව්වල පන්නිපිටියේ පැලැන්වත්තේ ගැමුණු මාවතේ ගෙදරක වත්තෙන් සොයා ගත් ඇත් පැටවා වනජීවී දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ එම ස්ථානයේම තබාගෙන වන ජීවී අනුමැතිය ලැබෙන පශු වෛද්‍ය ප්‍රතිකාර කිරීමට අවසර දුන් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා ඇත් පැටවා පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබන 24 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
ඇත්පැටවාගේ පාදයේ ඇට බිඳී ඇති නිසා වෙනත් තැනකට ගෙන යෑමෙන් ඇත් පැටවා හානියක් වෙතියි වනජීවී නිලධරයෝ අධිකරණයේ දී කරුණු දැක්වූහ.
ඇත් පැටවාට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස පොලිසියට නියෝග කෙළ්ය.

