(රංජිත් රාජපක්ෂ)
ආහාර විස විමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 30 දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අසාත්මිකතාවය , උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව අද (31) උදැසන 9.30 ට පමණ සිසුන් පිරිස රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පැවසීය.
ඉකුත් (28) දින එම පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සදහා මාළු බනිස් ලබා දී ඇති අතර ,එම මාලු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර කිහිප දෙනෙකු මෙසේ අසනීප වූ බවත්, අද (31) දින වන විට පාසලේ සිසුන් විශාල පිරිසක් එක්වර රෝගාතුර වි ඇති බව ගිනිගත්හේන මහජන සෞඛ්‍යය පරීක්ෂක තිසර විරසේකර මහතා ප්‍රකාශ කළේය.
රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.



