ආසියානු රන් පදක්කම්ලාභී අයෝමය ශූරයාට ක‍්‍රීඩා ඇමැතිගෙන් හරසර


කසකස්තානයේදී පැවැති ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රී ලංකා කී‍්‍රඩක සංජීව රුවන් කුමාර පිළිගැනීමේ උත්සවයක් ඊයේ (21) කී‍්‍රඩා අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී ඇමැතිවරයා අතින් රන් පදක්කම්ලාභි සංජීව රුවන් කුමාරට සිහිවටන තිළිණයක් ප‍්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතාද මෙහි වෙයි. ආසියානු කායවර්ධන ශූරතාවලියේදී එකම රන් පදක්කම දිනාගත් මෙම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයාගේ ඉදිරි සියලූ අවශ්‍යතා ලබාදීමට කී‍්‍රඩා අමාත්‍යංශය පියවර ගන්නා බවත් මෙම පිළිගැනීමේ උත්සවයට සහභාගිවූ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.