ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්


හික්කඩුවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ වයස 6 න් පහළ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. වයස 6 න් පහළ (බාලක) කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව රන් පදක්කම දිනා ගත්තේය. තිළිණ ජයසිංහ, සෙනිල ගුණරත්න සහ දිනුපුර හපුආරච්චි රන් පදක්කම් ලාභී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති. එම වයස් කාණ්ඩයේ බාලිකා ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාව දිනාගත් අතර ටාෂී ඔමායා, පංචාලී රත්නායක සහ මෙත්සරා ද සිල්වා ශ්‍රී ලංකා පිල නියෝජනය කළහ. රටවල් 19 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවී සිටින මෙම තරගාවලියේදී ඉන්දියාව මේ වන විට වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්ව සිටියි.