ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ඔමායා ටාෂිට ලෝකඩ පදක්කමක්
හිික්කඩුවේදී නිමා වු ආසියානු යොවුන් චෙස් තරගාවලියේ (2012) කේවළ ඉසව්වලදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා ඔමායා ටාෂි ජයතිලක ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුවාය. ආසියානු යොවුන් චෙස් තරගාවලියේ කේවළ ඉසව්වලදී ශ‍්‍රී ලංකාවට හිමි වු එකම පදක්කම මෙයවේ.
ටාෂි තරගාවලියේ වයස 6 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩයෙන් මෙම පදක්කම දිනා ගත්තාය. ටාෂි ආසියානු යොවුන් චෙස් තරගාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැෆිඞ් අධිවේගි තරගාවලියේද වයස 6 න් පහළ (බාලිකා) ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින් දස්කම් දැක්වුවාය.
ප‍්‍රධානතම ආසියානු යොවුන් චෙස් තරගාවලියට සමගාමීව පැවැති තවත් තරගාවලියක් වු ආසියානු බ්ලිට්ස් අධිවේගි චෙස් තරගාවලියේ කේවළ ඉසව්වලදී ෂෙනිල ගුණරත්න (6 න් පහළ බාලක) සහ හර්ෂණ තිලකරත්න (10 න් පහළ බාලක) රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වුහ. එම තරගාවලියේදී තරුෂි හිරණ්‍යා වයස 6 න් පහළ (බාලිකා) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.

