ආසියානු දැල්පන්දු කිරුළ සිංගප්පූරුවට
සිංගප්පූරු ක‍්‍රීඩිකාවෝ අටවැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (31) පස්වරුවේ පැවැති අවසන් මහ තරගයේදී සිංගප්පූරු පිල ලකුණු 48 - 47 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.

