ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට 7 වැනි ස්ථානය


කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අද (12) නිමා වු 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 15 ක් දිනා ගනිමින් චීනය ජයග‍්‍රාහී රට බවට පත්විය. ශ්‍රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දෙක බැගින් පදක්කම් හයක් දිනා පදක්කම් සටහනේ හත්වැනි ස්ථානය ලැබීය.