ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උළෙලේදී පදක්කම් ලාභිනියන්ට ලක්‍ෂ ගණනින් තෑගි


පහළොස් වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 400 රන් පදක්කම දිනා ගත් ශිවන්ති කුමාරි රත්නායකට ත්‍යාගයක් වශයෙන් මුදලින් රුපියල් පන් ලක්‍ෂයක්ද, මීටර 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ සබරගමුව පළාතේ චාමිකා ජයමිණීට රුපියල් ලක්‍ෂ දෙකක්ද පිරිනැමීමට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා තීරණය කර ඇත. කෑගල්ල රඹුක්කන ප‍්‍රදේශයේදී උපත ලැබු ශිවන්ති කුමාරි හිරිවඩුන්න විද්‍යාලය  සහ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා යන විද්‍යාල වලදී අධ්‍යාපනය ලබා ඇත. චාමිකා ජයමිණී, රත්නපුර ගොඩකුඹුර මියනවිට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් කී‍්‍රඩා පිටියට පිවිසියාය.