ආසියානු 19 න් පහළ රග්බි තරග ශ්‍රී ලංකාවේදී


ආසියානු කුසලාන වයස 19 න් පහළ ,, වැනි කොටසේ රග්බි තරගාවලිය මේ මස 12 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන අතර අවසන් තරග මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලූ තරග කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැත්වේ. තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, චීන තායිපේ, මැලේසියාව සහ සිංගප්පූරුව සහභාගි වෙයි. මෙහි ශූරයන් වන කණ්ඩායමට , වැනි කොටසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවේ. තරග හතරකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය චීන තායිපේ සහ මැලේසියාව අතර පස්වරු 3.00 සිට ද, දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පස්වරු 4.45 සිට ද, මේ මස 12 වැනිදා පැවැත්වේ. අවසන් මහ තරගය සහ තෙවැනි ස්ථානය සඳහා තරගය මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.