ආසියා ඔලිම්පික් සභාපති ලංකාවේ
කුවේට් රජ පවුලේ සාමාජිකයකු වන ආසියා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ෂේක් අහමසඞ් ෆාඞ් අල්සබා කුමරු දෙදින නිල සංචාරයක් සඳහා ඔහුට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගුවන්තොටුපොළේ ප‍්‍රභූ අංගනයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු සහ ආසියා පාපන්දු සම්මේලනයේ උප සභාපති මනිලාල් ප‍්‍රනාන්දු යන මහත්වරු කුමාරයා පිළිගත්හ.

