(සනත් ගමගේ)
හම්බන්තොට සූරියවැව නබඩගස්වැව මහ විදුහලේ පහ වසර පංතියේ සිසුන් 26 දෙනෙකු ආසාත්මිකතාවකින් සූරියවැව රෝහළට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පාසල් සිසුන්ට ලබාදුන් ආහරයක් ගැනිමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වය මත මෙම සිසුන් රෝහල් ගත කර ඇත.
සිසුන්ගේ රෝගී තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයා කීය.
උදේ ලබාදුන් ආහාර වර්ගය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය බලධාරීහු පවසති.

