(නිශාන්ත කුමාර)
හදිසියේම ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් කන්දකැටිය කන්දකැපූඋල්පත විද්‍යාලයේ ශිෂ්‍යාවන් දොළොස් දෙනෙකු ඇතුළු සිසුන් 15දෙනෙකු අද (14) උදෑසන කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇත.
දින ගණනාවක් වසා දමා තිබූ පාසලේ පන්ති කාමරයක් පිරිසිදු කරමින් සිටියදී සිසුන්ගේ සිරුර කසමින් පලු මතු වන්නට පටන් ගැනීම හේතුවෙන් ඔවුන් මෙලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
සිසුන්ට වැළදී ඇත්තේ අසාත්මිකතාවක් බවත් ප්‍රතිකාර ආරම්භ කළ බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී මද්දුමගේ මහතා පැවසීය.

