(එම්.එස් කුමාරගේ - වැලිමඩ සිට ) - බෝ නොවන රෝග පිළිබඳව අඩු ආදායම් ලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිමඩ සමෘද්ධි මහා සංගම් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. කැප්පෙටිපොල සමෘද්ධි බැංකුව මේ වැඩසටහන සංවිධානය කළේය. සම්පත් දායකත්වය වැලිමඩ දිවිතොටවෙල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙනි.