ආරියදාස සිල්වා විවෘත බැඞ්මින්ටන් තරග හෙට සිට අම්බලන්ගොඩදී
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සහයෝගයෙන් දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 25 වැනි ‘ආරියදාස සිල්වා අනුස්මරණ කුසලාන’ විවෘත ශ්‍රේණිගත බැඞ්මින්ටන් තරගාවලිය හෙට (27) ඇරැඹෙයි. තරගාවලිය මේ මස 30 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී හා අම්බලන්ගොඩ නව නගර සභා ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
තරගාවලිය විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල සහ මිශ‍්‍ර යුගල ඉසව්වලින් සමන්විතය. වයස 40 ට හා 50 ට වැඩි ක‍්‍රීඩකයන්ට සහ වයස 35 ට වැඩි පිරිමි හා කාන්තා කේවළ හා යුගල ඉසව් ද තරගාවලියට ඇතුළත් වේ. වයස 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් පහළ බාලක හා බාලිකා කේවළ ඉසව්වෙන් ද එහිදී තරග පැවැත්වේ.
මෙම ඉසව් සඳහා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 263 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහිදී විවෘත ඉසව්වන්ගෙන් ජය ගන්නා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවේ.

